දේශීය

පෙර පාසල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ ගැන සලකා බැලේ

(UTV |කොළඹ) – කොවිඩ් -19 අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම ගැන රජයේ අවධානය යොමුව ඇත.

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසන්නේ සෞඛ්‍ය අංශ සහ අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජාතික වැඩපිළිවෙලක් යටතේ පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.

“මේ අනුව ඉතා ඉකමනින් පෙර පාසැල් ආරම්භ කරන්නටත් පාසැල් ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමටත් සැළසුම් සකස් කරනවා. ඒ වගේම සුබවාදී ආරංචියක් කියන්න ඕනේ. පෙර පාසැල් ජාතික ප්‍රතිපත්තිය තව සති 03ක් 04ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානමින් ඉන්නවා” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

Related posts

තැන තැන සිදුවන වෙඩ් තැබීම් ගැන, විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

Editor O

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව 37,600 ඉක්මවයි

Mohamed Dilsad

කුකුල් මස් සහ බිත්තර මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment