Trending Newsව්‍යාපාරික

වසරින් වසර ත්‍රිපෝෂ නිෂ්පාදනය අඩු වෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම නොමිලේ බෙදා හරින ත්‍රිපෝෂ නිෂ්පාදනය වසරින් වසර අඩු කර වෙළෙඳපොළේ අලෙවි කෙරෙන සුපෝෂ නිෂ්පාදනය වැඩි කර තිබේ.

මේ බව අනාවරණය කර ඇත්තේ විගණකාධිපතිවරයාගේ නවතම වාර්තාවෙනි.

ඉකුත් 2017 වසරේ දී මෙට්‍රික් ටොන් 12 ,239ක් වූ ත්‍රිපෝෂ නිෂ්පාදනය 2018 වසරේ දී මෙට්‍රික් ටොන් 11,913 දක්වාද පසුගිය වසරේ දී (2019) මෙට්‍රික් ටොන් 11,712 දක්වා ද අඩු කර තිබුණි.

මේ අතර 2017 වසරේ දී මෙට්‍රික් ටොන් 1230ක් වූ සුපෝෂ නිෂ්පාදනය 2018 වසරේ දී මෙට්‍රික් ටොන් 2610 දක්වා සියයට 112කින් ද, පසුගිය වසරේ දී මෙට්‍රික් ටොන් 3717 දක්වා සියයට 42කින් ද වැඩි කර තිබේ.

එම සමාගමේ සමාජ සුබසාධන පරමාර්ථය යටපත් වී වාණිජ පරමාර්ථය ඉස්මතු වී ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

Related posts

நைஜிரியாவில் ஏற்பட்ட கலவரத்தில் 86 பேர் பலி!

Mohamed Dilsad

Red Cross mobilises to help control spiralling Dengue outbreak

Mohamed Dilsad

வரவு செலவுத் திட்டம் இன்று பாராளுமன்றில்…

Mohamed Dilsad

Leave a Comment