ගොසිප්

කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහී ඇති බව GMOA කියයි

(UTV | කොළඹ) – මේ වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා යැයිද , දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම පසුගිය මාර්තු මාසයේදී තම සංගමය විසින් පෙන්වා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකය ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා අද වන විට කොළඹ නගරය තුළ භයානක තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි ද එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඔහු මේ පිළිබඳව චෝදනා කරමින් ප්‍රකාශ කර සිටින්නේ වසංගත රෝග විද්‍යා ඒකකයට පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසක් අනුයුක්ත කර සිටියදී එම ඒකකයේ ප්‍රධානියා ඉන් වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බවයි.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මීට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ , කොළඹ තවමත් අවදානම් මට්ටමේ පවතින බැවින් ඒ පිළිබදව අවදානයෙන් කටයුතු කරන ලෙසටයි.

 

Related posts

වත්තලින් කොරෝනා ආසාදිතයින් 18ක් හඳුනා ගනී

Mohamed Dilsad

අගමැති මහින්ද රෝහලේද….

Mohamed Dilsad

පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment