දේශීය

සිසුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලබා අද(23) රෝහල් ගත කර තිබේ.

පොලිසිය පැවසුවේ එම සිසුවා විද්‍යාල ක්‍රීඩාංගණයේ තවත් සිසුන් කිහිප දෙනෙකු සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව විදුහල අසළ නිවසකට ගොස් ඇති බවයි.

එය ගැනීමට යාමේදී අදාළ නිවසේ සිටි වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයක් ආධාරයෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මහරගම පොලීසිය විසින් අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related posts

රජයේ රෝහල්වලින් මුදල් ගෙවා ඖෂධ ගන්න

Mohamed Dilsad

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට අද සිට බූස්ටර් මාත්‍රාව

Mohamed Dilsad

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමය ඉවත් කිරීමේ උත්සාහයක් ⁣නිසා උණුසුම් තත්ත්වයක්..!

Editor O

Leave a Comment