ක්‍රීඩා

LPL තරඟාවලිය ගැන සනත් ජයසූරියගේ මතය

(UTV | කොළඹ) –  අභියෝග රැසක් මධ්‍යයේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 4 ක් පමණයි.

මෙවර තරඟාවලියට සුභවාදී අදහස් මෙන්ම විවිධ විවේචන ද එල්ලවන මෙහොතක ඒ සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය විසින් ද ප්‍රකාශයක සිදු කර ඇත.

ඔහු සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ ප්‍රේක්ෂකයින්ට එල්.පී.එල් තරඟාවලිය ඔස්සේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ලැබීම සතුට කරුණක් බවයි.

තරුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙම තරඟාවලිය බෙහෙවින් වැදගත් වනු ඇති බවත්, සියලු කණ්ඩායම් සඳහා සුබ පැතුම් එක් කරන බවත් ඔහු එම පණිවිඩය ඔස්සේ කියා සිටියේය.

එමෙන්ම , එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි- 20 ක්‍රිකට් තරගාවලියට සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සහාය ලබා දී ඇති අතර එය නිවැරදි දිශාන්තියක් සඳහා පියවර තැබීමක් බව ද ප්‍රකාශ කර ඇත.

 

 

 

Related posts

පකිස්තානය පරදා ඕස්ට්‍රෙලියාව අවසන් මහතරගයට

Mohamed Dilsad

පසුගිය දශකයේ හොඳම ටෙස්ට් කණ්ඩායමට රංගන

Mohamed Dilsad

ටෝකියෝහි පැවැත්වෙන ඔලිම්පික් උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට තහනම් වෙයි

Mohamed Dilsad

Leave a Comment