දේශීය

සුළි කුණාටු තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්

(UTV |කොළඹ) – දිවයිනට නැගෙනහිර දෙසින් පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 06ක කාලය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

පසුව එය ඉදිරි පැය 30ක කාලය තුළ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී.

මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් හෙට (24) දිනය වන විට දිවයිනේ ඊසානදිග වෙරළබඩ වෙත ළඟා වෙනු ඇත.

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත් විටින් විට පැ.කි.මී (60 – 70) පමණ වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වෙන බවත් සෙසු ප්‍රදේශවල පැ.කි.මී 40-50ත් පමණ තද සුළං ඇති වේ.

පුත්තලම  සිට මන්නාරම, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටයි ඔවුන් දැනුම් දෙයි.

එමෙන්ම, පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවන ලෙස උපදෙස් ලබාදී ඇත.

මේ අතර, නැගෙනහිර, උතුරු සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ත්, 150ත් අතර තද වැසි ඇති විය හැකි අතර එම පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක.

Related posts

කොළඹ ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

පස්සර බස් අනතුරේ දර්ශන [VIDEO]

Mohamed Dilsad

සිරිල් ගාමිණි පියතුමන් සඳුදා CID යට

Mohamed Dilsad

Leave a Comment