දේශීය

බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් කරයි

(UTV |කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා ඇති විදේශ ගමන් තහනම කොළඹ මහාධිකරණය විසින් අද ඉවත් කළේය.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැය කර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට ඔහු ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (23) මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ කැදවනු ලැබුණි.

මෙහිදී සෑම මාස 3කටම වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට පැනවූ ඇප කොන්දේසිය ඉවත් කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.

Related posts

ශවේන්ද්‍ර ඇතුළු 4කට, බ්‍රිතාන්‍ය පැනවූ සම්බාධක ගැන ආණ්ඩුවේ ස්ථාවරය අද හවසට

Editor O

යාපනය සරසවිය ඉදිරිපිට නොසන්සුන්තාවයක්. පොලිස් ආරක්ෂාව යෙදවේ

Mohamed Dilsad

බස්නාහිරේ මෝටර් වාහන හිඟ ගාස්තු ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment