දේශීය

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද

(UTV | මහනුවර) – අපවත් වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නා හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද පස්වරුවේ සිදු කෙරේ.

මේ හේතුවෙන් ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද (22) දහවල් 12 සිට මෙම වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගන කුණ්ඩසාලේ, නත්රම්පොත 621 හංදියෙන් සහ දිගන නගරයෙන් වාහන ධාවනය සීමා කර ඇත.

පොලීසිය සඳහන් කළේ, මහියංගනය හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැනික්හින්න, පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ යුතු බවයි.

ඊට අමතරව මහනුවර සිට හසලක මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩසාලේ නත්තරම්පොත 621 හංදියෙන් හරවා යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක.

Related posts

බටහිර පර්යන්තයට ආයෝජනය කිරීම අදානි සමාගම තහවුරු කරයි

Mohamed Dilsad

නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු දිවුරුම්දෙයි

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත් වුවන්ට පාකිස්තානයෙන් සහනාදාර

Mohamed Dilsad

Leave a Comment