ක්‍රීඩා

තරඟාවලියට පෙර මුදල් නොදුන්නැයි රවී බොපාරා LPL අතහරී

(UTV | කොළඹ) –  LPL තරඟාවලියෙන් ඉවත්වූ නවතම විදේශීය ක්‍රීඩකයා බවට එංගලන්ත පිලේ සිටි තුන් ඉරියව් ක්‍රීඩක රවී බොපාරා පත්ව ඇත.

ඔහු යාපනය ස්ටැලියන්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි අතර , තරඟාවලියට සහභාගිවීමට පෙර ඒ් සඳහා ගෙනු ලබන සියලු මුදල් ඉල්ලා ඇති බවත් නමුත් යාපනය ස්ටැලියන්ස් පිලේ කළමණාකාරීත්වය ඊට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් බොපාරා LPL අතහැර දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලාංකිකයකු වන ලසිත් මාලිංග මෙම තරඟාවලියට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී ඇති අතර ශාරීරික ආබාධයක් යයි කියමින් ක්‍රිස් ගේල්ද LPL තරඟාවලියෙන් ඉවත් විය.

එමෙන්ම කොළඹ කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි කැනේඩියානු ක්‍රීඩකයකු ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනාගැනීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් සෞඛ්‍ය අංශ අධීක්‍ෂණය යටතේ නිරෝධානය කර ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වය තුළ රවීන්ද්‍රපාල් සිංට ද LPL තරඟාවලිය අහිමිවනු ඇත.

 

Related posts

ආසියානු කුසලානයේ ප්‍රබල අභියෝගය ගැන බංගලාදේශ ක්‍රීඩකයෙකුගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

තිසර පෙරේරාගේ අළුත්ම ව්‍යාපාරය

Mohamed Dilsad

ප්‍රබලතම වේග පන්දු යවන්නා ඉන්දියාවේ ජයත් සමග ලෝක කුසලානයට සමුදෙයි

Mohamed Dilsad

1 comment

Fernando November 21, 2020 at 1:35 pm

ඔය නාකියා කොහොමත් වවැඩක් නෑ …

Reply

Leave a Comment