ක්‍රීඩා

පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කල ක්‍රීඩකයින් මෙන්න

(UTV| කොළඹ)  –  ඉදිරි පාකිස්තාන තරඟ සංචාරය   එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිළිබඳව මේ වන විට විවිධ මත පල කෙරේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පවත්වා තිබේ

ඒ ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩකයින් අතරය.

එහිදී මෙම සංචාරය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනෙකු එක් නොවීමට තීරණය කර ඇත.

පාකිස්තානයේ පවතින ආරක්ෂක තත්වය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙම තීරණය  තිබේ.

මේ අනුව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා ,තිසර පෙරේරා ,අකිල ධනංජය ,ලසිත් මාලිංග ,ඇන්ජලෝ මැතිව්ස් ,සුරංග ලක්මාල් ,දිනේෂ් චන්දිමාල් ,දිමුත් කරුණාරත්න මෙම තරඟ සංචාරයට එක් නොවනු ඇත.

එම සංචාරයේදී එක්දින තරග තුනක් සහ පන්දුවාර 20 ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ උප නායිකාව දැයෙන් සමුගනී

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

සචිත්‍රගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කෙරේ

Mohamed Dilsad

Leave a Comment