දේශීය

2021 වසරේ අයවැය අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ලබන වසර සඳහා වන අයවැය යෝජනා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය මෙරට 75 වන අයවැය වාර්තාවයි.

පස්වරු 01.40 ට අයවැය කථාව ආරම්භ කිරීමට නියමිතව ඇත.

2021 විසර්ජන පණත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පල කිරීමෙන් පසු ඔක්තෝබර් 20 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඊට අනුව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678 ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900 ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට යෝජිතයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන සෙනසුරාදා දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම සෙනසුරාදා පස්වරු 5.00 ට පැවැත්වෙනු ඇති.

හෙට සිට ලබන 20 වැනිදා දක්වා පාර්ලිමේන්තුව පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

අයවැය කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර , දෙසැම්බර් 10 වැනි දින පස්වරු 5.00 අයවැය 03 වන වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

 

Related posts

මංජු ලලිත් කුමාර දිවුරුම් දෙයි

Mohamed Dilsad

ජාතික රෝහලේ සායනික රෝගීන් සඳහා ඍජු දුරකථන අංක කීපයක් [PRESS RELEASE]

Mohamed Dilsad

නවම් පෝය දිනය අද

Editor O

Leave a Comment