දේශීය

කොළඹ වරායේ සේවකයින් 61 කට කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බව වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.

වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ මේ දක්වා කොළඹ වරාය තුළ කොරෝනා ආසාදනය වූ සේවකයින් 61 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් , ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන ඇති පිරිසක් මෙලෙස නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත්ය.

සේවකයින් 106 දෙනෙකු නිරෝධානයනය අවසන් කොට මේ වන විට පිටව ගොස් ඇති බව ද වරාය අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Related posts

මාලිමා මන්ත්‍රීලා කන විදිය ගැන දයාසිරි ජයසේකරගෙන් ප්‍රකාශයක්

Editor O

සුරාසල් වැසෙයි

Mohamed Dilsad

ලංකාවට මත්ද්‍රව්‍ය එවන අලුත්ම ක්‍රමය මෙන්න [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment