දේශීය

බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ට සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක්

(UTV |කොළඹ ) – බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට එම රෝග ආශ්‍රිත සංකූලතා මතුවුවහොත් නිවසට වී නොසිට වහාම රෝහල්ගතවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශය ඉල්ලීමක් කරයි.

ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ ඉල්ලීමක් කළේ නිරෝධායනය වන පුද්ගලයෙකුට නිධන්ගත රෝග ආශ්‍රිත  සංකූලතා මතුවුවහොත් ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන ලෙසයි.

නිරෝධායනය නොවන සාමාන්‍ය නිවසක පුද්ගලයෙකුට එවැනි සංකූලතාවක් ඇතිවුවහොත් 1990, අංකයෙන් ගිලන් රථ සේවා සපයා ගත හැක.

එමෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ 1999 සහ 011 3 422 558 යන අංක ඔස්සේ ද අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

 

Related posts

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

දේශබන්දු යළි රිමාන්ඩ්

Editor O

ඡන්දදායකයන් ලක්ෂ 40කගේ මනාපය කාටදැයි තීරණය අවසන් දෙසතියේදී

Editor O

Leave a Comment