දේශීය

සෞඛ්‍ය නීති කඩකළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවේ

(UTV |කොළඹ) – සෞඛ්‍ය නීති කඩකළ පුද්ගලයින් 25 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ වැරදි සම්බන්ධයෙන් එක් දිනයක් තුළ වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (13) දිනයේ බවය.

මෙහිදී නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් විසි දෙදෙනෙකු ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම පිරිසෙන් වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කටුනායක සහ සීදුව යන ප්‍රදේශවලිනි.

මුහුණු ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 201 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එසේම  සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

විපක්‍ෂ නායක ධුරයට සජිත් නම් කරයි[VIDEO]

Mohamed Dilsad

සුපිරි 6දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ රටවල් මෙන්න

Mohamed Dilsad

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment