දේශීය

සුපිරි 6දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ රටවල් මෙන්න

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් සුපිරි 6 දෙනාගේ වටයට තෙරීපත් ව ඇත.

 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටය සිම්බාබ්වේ හි පැවැත්වේ.

 

එම තරග කාණ්ඩ 02ක් යටතේ කණ්ඩායම් 10ක් ඉදිරිපත්ව සිටින අතර එම තරගාවලිය පසුගිය 18 වනදා සිම්බාබ්වේහිදී ආරම්භ විය.

 

තරග 34කින් සමන්විත තරගාවලියේ තරග හරාරේ සහ බුලවායෝ හිදි පැවැත්වේ.

 

එහිදී A කාණ්ඩය යටතේ සත්කාරක සිම්බාබ්වේ, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ අමෙරිකාව තරග වැදුණි.

 

B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඕමානය, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය තරග වදී.

 

සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.

Related posts

ඇමෙරිකානු තීරු බදු පිළිබඳ ආණ්ඩුව ගන්න පියවර ගැන රටට කියන්න – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

මර්වින් සිල්වා CID අත්අඩංගුවට

Mohamed Dilsad

මහා මැතිවරණයට එරෙහිව ගොනු කල පළමු පෙත්සම හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment