දේශීය

වැසි තත්වයේ වැඩි වීමක්

(UTV |කොළඹ ) – හෙට (28) පස්වරුවේ සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිදයා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැක.

ඌව පළාතෙත් ත්‍රිකුණාමලය, මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට හමන පැ.කි.මි. 40 දක්වා තරමක් තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්, මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ අංශය ඉල්ලෙමක් කරයි.

Related posts

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

Mohamed Dilsad

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් පාකිස්ථාන පාර්ලිමේන්තුවේ විවාදය අද

Mohamed Dilsad

Leave a Comment