කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි.
අදාළ ගුවන් සේවය විසින් නිකුත් කළ මගී ලැයිස්තුවට අනුව, එම ගුවන් යානයේ, එරට දේශපාලනඥයෙකු වන ඩයෝජන්ස් ක්වින්ටෙරෝ සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකෙු සිට ඇති බව අනාවරණය වී ඇත.
මාර්තු මාසයේ පැවත්වීමට නියමිත එරට මැතිවරණයේදී ඔහු තරග කිරීමට සූදානම්ව සිටි බව විදෙස් මාධ්‍යවල සඳහන්..
HK4709 ලෙස ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, එරට වේලාවෙන් පෙ.ව. 11:42 ට කුකුටා ගුවන් තොටුපළෙන් මිනිත්තු 40 ක කෙටි ගුවන් ගමනක් සඳහා පිටත් වී මිනිත්තු කිහිපයකින් පාලක මැදිරිය සමගතිබූ සම්බන්ධ ය ඇණ හිට යානය කඩා වැටී ඇත.
ගළවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයට ඉතා ඉක්මනින් ගොස් තිබූ නමුත් දිවි ගලවා ගත් අය නොසිටි බව තහවුරු කර ඇත.
