ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම නායකයෙකු වන කර්ණාටක ප්‍රාන්තයේ සිද්ධරාමයියා මහතා සහ නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) දින බැංගලෝර්හි පිහිටි මහ ඇමති නිල නිවසේදී පැවැත්වින. .
කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති සිද්ධරාමයියා මහතා සංවර්ධනය සහ දියුණුව සහතික කිරීම සඳහා බොහෝ වැඩකටයුතු සිදු කර ඇති අයෙකි. විශේෂයෙන් කාන්තාවන් සහ දරුවන් උදෙසා ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා වන සමාජ සුබසාධන යෝජනා ක්‍රම ද ඔහු යටතේ ක්‍රියාත්මක වේ.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් සහ ඉන්දියාවේ තාක්ෂණ සංවර්ධනය පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කර ගත්තේය.
කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රගතිය සහ ඉන්දියාව තාක්ෂණිකව ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවට ද ආදේශ කරගනිමින් ඊට අවශ්‍ය වටපිටාව ගොඩනගා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත. .
