දේශීය

නිරෝධායනයට පිරිසක් රැගෙන ගිය බස් රථයක් අනතුරට

(UTV |කොළඹ) – කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට පැමිණි පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් තිබූ සූඛෝපභෝගී බස්රථයක් ඊයේ රාත්‍රියේ කටුනායක අධිවේගී මාර්ගයේ දී අනතුරට ලක්ව තිබේ.

ඒ ඊයේ (10) රාත්‍රී 10.40ට පමණය.

අධිවේගී මාර්ගයේ පෑලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබිය දී 25 වන කිලෝමීටර කණුව අසල දී මෙම බස්රථය අනතුරට ලක්ව තිබේ.

බස්රථයේ ඉදිරිපස ටයරයක් පුපුරායෑමත් සමග රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි පොලීසිය සැකකෙරන අතර අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ද බස්රථය ගැටී ඇත.

අනතුරින් බස්රථ රියදුරු තුවාල ලබා රෝහල් ගතකර ඇත

අනතුර හේතුවෙන් කටුනායක සිට කොළඹ දෙසට වු අධිවේගී මංතීරුව තාවකාලිකව වසා දමා තිබුණි.

Related posts

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 283දෙනෙක්

Mohamed Dilsad

කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතිනවා – PHI සංගමය

Mohamed Dilsad

Leave a Comment