දේශීය

කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතිනවා – PHI සංගමය

(UTV | කොළඹ) – කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් විශාල වශයෙන් වැඩිවෙමින් ඇති බවත් පාසල්, ආයතන සහ සමාජ ඒකරාශීවීම් සිදුවන ස්ථානවල රෝග ලක්ෂ සහිත රෝගීන් වාර්තා වන බවයි එහි සභාපති උපුල් රෝහණ පෙන්වා දෙන්නේ.

නමුත් ඔවුන් රෝගීන් ලෙස තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති බවත් ඒ හේතුවෙන් රෝගීන් හඳුනාගැනීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙනමින් පවතින බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින තත්ත්වය මත ආසාදිතයන් හඳුනා නොගැනීම,පාලනය සඳහා පවතින ඉන්ධන අර්බුදය හා ආර්ථික අර්බුදය වැනි කරණු හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ ලංකාවේ විශාල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමට නියමිත බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය

Mohamed Dilsad

සාගර කාරියවසම් ට අලුත් තනතුරක්

Mohamed Dilsad

ජලභීතිකා මරණ ඉහළ යා හැකියි -PHI සංගමයෙන් අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment