දේශීය

ළමා රෝහලෙන් ළමුන් ඇතුළු කොවිඩ් ආසාදිතයින් 56ක්

(UTV |කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ මව්වරු හා ළමුන් 46 දෙනෙක්, වන අතර සෙසු ආසාදිතයින් 10 දෙනා අතර වෛද්‍යවරු, හෙදියන් හා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අය සිටින බවයි.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට IDH රෝහල වෙත යොමුකර තිබේ.

මේ වන විට රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක් නිරෝධායනයට යොමුකර ඇති බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පිටින් රෝගීන් බැලීමට එන පිරිස අද(10) සිට අවම කර ඇති අතර, එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කළේය.

විනාඩි 10ක් සඳහා එම අවසරය හිමිවන බවත්, වාට්ටුව තුළ සකසා ඇති විශේෂිත වු ක්‍රමවේදයක් මත එය පිළියල කර ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියි.

Related posts

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද විශේෂ හමුවක්

Mohamed Dilsad

කොරෝනා වෛරසයෙන් තොර කළාප නම් කිරිම ගැන GMOA අවධානයට

Mohamed Dilsad

දුම්රියේ තොරතුරු ලබාගැනීමට කෙටි දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment