දේශීය

බස්නාහිර පොලිස් නිලධාරීන් 260 දෙනෙක්ට කොරෝනා

(UTV | කොළඹ) – අද දිනය වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 260 කට කොවිඩි-19 වෛරසය ආසාදනය වී ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන්කර සිටියි.

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් හයදෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර, රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 250 ක්.

බස්නාහිර පළාතේ පොලිස් නිළධාරීන් 355 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1484 ක්.

ඉන් 27 දෙනෙකු ස්වයං නිරෝධායනය අවසන් කර ඇති අතර තවදුරටත් ස්වයං නිරෝධායනයේ යෙදෙන නිලධාරීන් සංඛ්‍යාව 1457 ක් බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

 

 

Related posts

මත් උවදුර මැඩලීමට විශේෂ කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

පරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..

Editor O

කිසිඳු අයුරකින් පාතාලයේ යළි හිස එසවීමක් සිදුව නැහැ

Mohamed Dilsad

Leave a Comment