ව්‍යාපාරික

ණය සහ ලිසිං සහන ලබා ගැනීමට 30 වෙනිදාට පෙර ඉල්ලුම් කරන්න

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවට පත්ව සිටින ව්‍යාපාරිකයන් ඇතුළු අයට ලබාදෙන මාස 06 ක ණය සහනයට මෙම මස 30 වැනිදා දක්වා අයැදුම් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ඊයේ  නිකුත් කරන ලද 2020 අංක 10 චක්‍ර ලේඛය ඔස්සේ මහ බැංකුව දැනුම් දී ඇත්තේ 2020 ඔක්තෝබර් 01 වැනිදා සිට 2021 මාර්තු 31 වැනිදා දක්වා කාලය සඳහා මෙම නව ණය සහනය ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ අනුව කොවිඩ් හේතුවෙන් බලපෑමට ලක් වූ සංචාරක, අපනයන, ඇඟලුම්, තොරතුරු තාක්ෂණ, තේ, කුළු බඩු, වැවිලි ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරවලට මෙන්ම එම ක්ෂේත්‍රවල රැකියාවල නියුතු පුද්ගලයන්ට ද , මීට අමතරව ඉදිකිරීම්, කෘෂිකර්මාන්ත සහ අගය එකතු කිරීම් නිෂ්පාදනවල යෙදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට, කොවිඩ් හේතුවෙන් ආදායම් අහිමි වූ ස්වයං රැකියා නියුක්තිකයන්ට මෙන්ම විදේශ විනිමය උපයන්නන්ට මෙම ණය සහනය වෙනුවෙන් අයැදුම් කළ හැකිය.

එමෙන්ම වාණිජ බැංකු වෙතින් ලබා ගත් ණය, ලීසිං පහසුකම් උකස් ඇතුළු කාණ්ඩ කිහිපයක් වෙනුවෙන් මෙම ණය සහනය අයැදුම් කිරීමේ හැකියාව පවතියි.

 

Related posts

දකුණු පළාත තුළ සත්ත්ව ආහාරවල හිඟයක්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරිමට සාකච්ඡා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී විවෘත කෙරේ

Editor O

Leave a Comment