විදෙස්

මියන්මාර මහ මැතිවරණයේ අවුන් සාන් සුකී ඉදිරියෙන්

(UTV |මියන්මාරය) – මියන්මාර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදු කෙරේ.

ඊයේ (08) පැවැති ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵලය අනුව එරට පාලක ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සු කී යළි ජයගනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

පාර්ලිමේන්තු ආසන සහ කලාපීය සභා 1,117ක් සදහා නියෝජිතයින් තෝරාගැනිම වෙනුවෙන් දේශපාලන පක්ෂ 91ක අපේක්ෂකයින් 5,639 දෙනෙකු මැතිවරණය සදහා ඉදිරිපත්ව සිටී.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ වුවද විශාල පිරිසක් ඡන්දය ප්‍රකාශකර ඇති බව එරට මැතිවරණ කොමිසම පවසයි.

මෙවර මියන්මාරයේ ඡන්දදායකයින් මිලියන 37.3ක් ඡන්දය භාවිතකිරිම සඳහා සුදුසුකම් ලබා සිටියේය.

Related posts

බ්‍රිතාන්‍ය මහ රැජින එළඹෙන ඉරිදා ජාතිය ඇමතීමේ සූදානමක්

Mohamed Dilsad

යුක්රේන වැසියෝ ජොන්සන් ඉල්ලති

Mohamed Dilsad

හවායි ගිනි කන්ද සෙලවෙයි

Mohamed Dilsad

Leave a Comment