විදෙස්

බ්‍රිතාන්‍ය මහ රැජින එළඹෙන ඉරිදා ජාතිය ඇමතීමේ සූදානමක්

(UTV |  බ්‍රිතාන්‍ය) –  බ්‍රිතාන්‍ය මහ රැජින එළඹෙන ඉරිදා (05) රාත්‍රී 7.00 ට ජාතිය ඇමතීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

93 හැවිරිදි වියේ පසුවන මහ රැජින නත්තල් දිනයේ දී නිකුත් කරනු ලබන සාම්ප්‍රදායික පණිවිඩය හැර සිය වසර 68 ක පාලන කාලයේ දී ජාතිය අමතන සිව්වැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

මීට පෙර ඇය ජාතිය අමතා ඇත්තේ 1991 දී පළමු ගල්ෆ් යුද්දය සම්බන්ධයෙන්, 1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍ය අවස්ථාවේ දී සහ 2002 දී මව් රැජිනගේ අභාවයෙන් පසු යන අවස්ථා ත්‍රිත්වයේ දී පමණයි.

2012 වර්ෂයේ දී ඇය තම කිරුළු පැළඳීමේ දියමන්ති ජුබිලිය සමරන අවස්ථාවේ දී රූපවාහිනී දේශනයක් පැවැත්වූ අතර, එය ජාතිය ඇමතීමක් ලෙස සළකන්නේ නැත.

බකිංහැම් මාලිගයේ සේවකයකුට කොවිඩ් – 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මහ රැජින සිය නිල රාජකාරී අතහැර මාර්තු මැද සිට එඩින්බරෝ ආදිපාදවරයා සමග බර්ක්ෂයර්හි වින්ඩ්සර් මාලිගයේ සිටින්නීය.

ඇයගේ විශේෂ කතාව වින්ඩ්සර් මාළිගයේ දී පටිගත කර රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

Related posts

ලන්ඩනයේදී සොයා ගත් මල සිරුරු වියට්නාම ජාතිකයින්ගේ බවට සැකයක්

Mohamed Dilsad

ඉරානය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ස්ථාවරය

Mohamed Dilsad

කොවිඩ් එන්නතේ මාත්‍රා මිලියන 300ක් මිලදී ගැනීමට යුරෝපය සුදානම්

Mohamed Dilsad

Leave a Comment