විදෙස්

කමලා හැරිස් ඉතිහාසගත වෙයි

(UTV | ඇමෙරිකාව) – ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග ඇමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති පදවියට පත්වන්නේ කමලා හැරිස්ය.

ඇය ඉතිහාසගත වන්නේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු දකුණු ආසියානු කළු ජාතික කාන්තාව ලෙසය.

මේ අතර කමලා හැරිස් විසින් නව ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කරමින් ලබාදුන් දුරකථන ඇමතුම විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තාකර තිබුණි.

එහිදී “ජෝ…අපි එය කළා. ඔබ ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා වෙන්න යන්නේ,” යනුවෙන් ඇය පවසා සිටි දෙබස විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

Related posts

ඇමරිකානු සහ රුසියානු නායකයන් මුහුණට මුහුණ සාකච්ඡාවක

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

Mohamed Dilsad

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට / ඊශ්‍රායලය අමතර භට පිරිස් සහ යුධ ටැංකි කැඳවයි

Mohamed Dilsad

Leave a Comment