ගොසිප්

බස්නාහිර ඇඳිරි නීතිය ඉවතට.ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා වෙයි

( UTV |කොළඹ) – බස්නාහිර පළාත ඇතුළුව මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල ඇඳිරිනීතිය අද අලුයම 5 ට ඉවත් කෙරුණු බව යුධ හමුදාපතිවරයා පවසයි.

කෙසේ නමුත් දිස්ත්‍රික්ක 5 කට අයත් ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදකලා කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම ප්‍රදේශ නම්,

කොළඹ දිස්ත්‍රික්කයේමට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වෙරළබඩ, ආදුරුප්පුවිදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, වැල්ලම්පිටිය, බොරැල්ල සහ කෙසෙල්වත්ත යන පොලිස් වසම් හුදෙකලා කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් වත්තල, පෑලියගොඩ, කඩවත, රාගම, මීගමුව, පමුණුගම, ජාඇල සහ සපුගස්කන්ද යන පොලිස් බල ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය යන පොලිස් වසම් මෙන්ම, වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසමත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සීමාව සහ කුලියාපිටිය පොලිස් වසමත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් වසම්ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

එසේම කොවිඩ් 19 පැතිරීම සම්බන්ධයෙන් කොළඹ මහල් නිවාස සංකීර්ණ කිහිපයක් දැඩි අවදානමක් සහිත ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර ඒවා නම් මෙත්සඳ සෙවන, මිහිජය සෙවන, මෝදර රන්මිණ සෙවන, දෙමටගොඩ සිරිසඳ උයන සහ මාලිගාවත්ත එන්.එච්.එස්. නිවාස සංකීර්ණය වන බව හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

කොරෝනා වලට බිය වී මවක් සිය දිවි නසා ගනී

Mohamed Dilsad

වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ලසිත් මාලිංග යලිත් කරලියට ?විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට?

Mohamed Dilsad

Leave a Comment