විදෙස්

කමලා හැරිස් ඉතිහාසගත වෙයි

(UTV | ඇමෙරිකාව) – ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග ඇමෙරිකානු ජනාධිපතිවරණයක උප ජනාධිපති පදවියට පත්වන්නේ කමලා හැරිස්ය.

ඇය ඉතිහාසගත වන්නේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරයට පත් පළමු දකුණු ආසියානු කළු ජාතික කාන්තාව ලෙසය.

මේ අතර කමලා හැරිස් විසින් නව ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කරමින් ලබාදුන් දුරකථන ඇමතුම විදෙස් මාධ්‍ය වැඩි අවධානයක් දෙමින් වාර්තාකර තිබුණි.

එහිදී “ජෝ…අපි එය කළා. ඔබ ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ ජනාධිපතිවරයා වෙන්න යන්නේ,” යනුවෙන් ඇය පවසා සිටි දෙබස විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

Related posts

තුන්වන චාල්ස් රජු බකිංහැම් මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිසට ආචාර කරයි

Mohamed Dilsad

ට්‍රම්ප් දින 03 කට පසුව රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා අසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment