විදෙස්

කැලිෆෝනියාවේ ජල ගැලීම් අවධානමක්

(උදයම්,ඇමරිකා) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇති උසම වේල්ල පුපුරා යාමේ අවධානමක් ඇති හෙයින් දහස් ගණනක් ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඇමරිකාවේ විශාලතම වේල්ල වන්නේ ද මෙයයි.

ඉදිරි පැය කිහිපය තුළ වේල්ල පුපුරා යාමේ අවධානමයක් ඇති බව එරට බලධාරින් පවසයි.

වේල්ලේ ජල මට්ටම අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇත.

මේ හේතුවෙන් වේල්ල අවට ප්‍රදේශවල ජීවත්වන 16,000ක් පමණ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

එම ප්‍රදේශයට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. වේල්ල ඉදි කර වසර පනහක ඉතිහාසය තුළ මෙසේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි.

Related posts

ඇමරිකාවට දරුණු හිම කුණාටුවක් – මිලියන 4 කට විදුලිය ඇණහිටී

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් ඉන්දියාවට චෝදනාවක්

Mohamed Dilsad

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

Mohamed Dilsad

Leave a Comment