දේශීය

බස්නාහිර ඇඳිරි නීතිය හෙට අනිවාර්යයෙන් ඉවත් කරනවා – යුධ හමුදාපති

(UTV |කොළඹ) – බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) උදෑසන 5ට අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ දැනට හමුවන කොවිඩ් ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් මෙම ස්ථාන තුළින් හඳුනාගන්නා ගෙන තිබේ.

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ලැබුවේ පසුගිය නොවැම්බර් 02 වනදා උදෑසන සිටය.

මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කිරීමට නියමිත බවද යුධ හමුදාපතිවරයා පැවසීය.

Related posts

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

තැපැල් ඡන්දය විමසීමේ පළමු අධියර සාර්ථකව [PHOTOS]

Mohamed Dilsad

පීඩාවට පත් ජනතාවට සහන සලසන්න, විපක්ෂ නායක සජිත් පෙු්මදාස මහතා, ලෝක බැංකු නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment