දේශීය

තැපැල් ඡන්දය විමසීමේ පළමු අධියර සාර්ථකව [PHOTOS]

(UTV | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අධියර අද (13) පෙරවරු 9.00 ට ආරම්භ විය.

සමස්තයක් ලෙස අද දිනයේ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදුවන බව නිරීක්ෂණ සංවිධාන පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 7 ක් වෙන් කර ඇති අතර අද දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ තැපැල් ඡන්ද විමසීම සාර්ථකව පැවැත්වෙන බවයි.

ඡන්දය භාවිත කිරීමට පැමිණි රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාවද සාධනීය මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් හදනවා – මහින්දානන්ද අලුත්ගමගේ

Editor O

වෛද්‍ය චමල් සංජීවට සමගි ජන බලවේගයේ තනතුරක්

Editor O

පාසල්වල අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරයි

Editor O

Leave a Comment