දේශීය

තැපැල් ඡන්දය විමසීමේ පළමු අධියර සාර්ථකව [PHOTOS]

(UTV | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අධියර අද (13) පෙරවරු 9.00 ට ආරම්භ විය.

සමස්තයක් ලෙස අද දිනයේ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදුවන බව නිරීක්ෂණ සංවිධාන පවසයි.

තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 7 ක් වෙන් කර ඇති අතර අද දිනයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව සලසා ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල කාර්ය මණ්ඩලවලටයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ තැපැල් ඡන්ද විමසීම සාර්ථකව පැවැත්වෙන බවයි.

ඡන්දය භාවිත කිරීමට පැමිණි රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාවද සාධනීය මට්ටමක පවතින බවත් ඔහු සඳහන් කළේය.

Related posts

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

Mohamed Dilsad

මාතලේ පුරපතිගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

කතානායක ආචාර්යය අශෝක රංවලගේ, ආචාර්යය උපාධිය ගැන ඉදිරියේදී ප්‍රකාශයක් කරාවි – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස

Editor O

Leave a Comment