විදෙස්

ප්‍රතිඵල සමවීම නිසා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමේ සූදානමක්

(UTV | ඇමරිකාව) – අමෙරිකානු ජනාධිපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද, යළි ගණන් කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

ඒ, ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාම සම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම හේතුවෙනි.

ඒ අනුව, දෙදෙනාම එම ප්‍රාන්තයෙන් 49.4% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරණයේ මේ වනවිට පෙරමුණේ පසු වන්නේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් ය. ඔහුට හිමිව ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද විද්‍යාල 264 කි.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214 ක් පමණි.

මේ අතර , අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵල පිළිබඳ කිසිදු සැකයක් නොමැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඔහු සඳහන් කළේ, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ තමාට දැඩි විශ්වාසයක් පවතින බවයි.

වෙනත් රටක ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම යෝග්‍ය නොවන බව ද, ඔහු ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 

Related posts

ඩයමන් ප්‍රින්සස් නෞකාවේ දෙදෙනෙකු කොරෝනා වැළඳීමෙන් මරුට

Mohamed Dilsad

ඉරාකයේ කොවිඩ් වාට්ටුවක ගින්නකින් 50ක් මරුට

Mohamed Dilsad

ඇමරිකා ජනාධිපතිගෙන් යුක්‍රේනය ගැන සුබවාදී පිළිතුරක්

Editor O

Leave a Comment