විදෙස්

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්

(UTV | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත් සිදුවන අතරල මේ වනවිට එය සීමාවී ඇත්තේ තීරණාත්මක ප්‍රාන්ත කිහිපයකටයි.

පවතින කොවිඩ්19 වසංගතය හේතුවෙන් මෙවර භාවිත කෙරුණු මිලියන සංඛ්‍යාත තැපැල් ඡන්ද ගණන් කිරීමට සිදුවීම මෙලෙස අවසන් ඡන්ද ප්‍රතිඵලය පමාවීමට හේතුවී ඇත.

මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩ්න් තවදුරටත් ජයග්‍රහණයට ආසන්න වී තිබෙන අතර , මේ වනවිට ඔහු ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ඨාශ නියෝජිත ඡන්ද 270 න් 264 ක් ලබා සිටින අතර ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ එම ඡන්ද 214 ක් පමණයි.

මේ අතර, ජෝ බයිඩ්න් ජයග්‍රහණයට ආසන්න වද්දී ධවල මන්දිරයේ සිට නැවතත් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කළ ජනපති ට්‍රම්ප් මැතිවරණය දූෂිත බව යළි කියා සිටියා.

තැපැල් ඡන්දවලින් දැවැන්ත දූෂණයක් සිදුව ඇති බවට ඔහු චෝදනා කළේ ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් නොකරමින්.

කෙසේ නමුත්, ඡන්ද ප්‍රකාශ කිරීම හා ගණනය කිරීමේ ක්‍රියාවලියට එරෙහිව ට්‍රම්ප්ගේ කණ්ඩායම ඉදිරිපත් කළ පැමිණිලි ජෝර්ජියා සහ මිචිගන් අධිකරණවල විනිසුරුවන් ඉවත දමනු ලැබීය.

එමෙන්ම, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේ ඉවසිලිවන්තව සියලු ඡන්ද ගණන් කරනතුරු අපේක්ෂාවෙන් පසුවන ලෙසයි.

 

Related posts

පිලිපීනයේදී ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් 10 දෙනෙකු මරුට

Mohamed Dilsad

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය

Mohamed Dilsad

ඉඩාහෝහි ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් 8 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment