දේශීය

කිසි සේත් රට නොවසන බව ජනාධිපති අවධාරණය කරයි

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කළ යුතු සේම රට විවෘත කර තැබීමද වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී සමස්ථ ක්‍රියාවලිය කෙරෙහිම අවධානය යොමු කරමින් නිවරැදි තීරණ ගත යුතුව ඇති බව ජනාධිපතිවරයා පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඩ් -19 වෛරසය රට තුළ පාලනය කිරීම සම්බන්ධයෙන් අද පැවැති සාකච්ඡාවකදීය.

“ජනතාව හරියට මාස්ක් එක දානවා නම්, නිවරැදිව අත් හෝදනවා නම් නිවැරදි ක්‍රම අනුගමනය කරනවා නම්, කිසි ප්‍රශ්නයක් නැතුව රට දුවන්න පුළුවන්. ජනතාව අවධානයෙන් ඉන්නවා නම් රටක් දුවන්න හැකියි. මාසේ පඩිය ගන්න අයට ගාණක් නෑ රට වැහුවම. හැබැයි ස්වයංරැකියා කරන අයට බිස්නස්කරන අයට දවස් 10ක් වැහුවොත් සමහරවිට ඒ පාඩුව පියව ගන්න අවුරුද්දක් යයි. අපිට බෑ එක පැත්තක් ගැන විතරක් හිතලා තීරණ ගන්න.” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

බන්ධනාගාර ජේලර්වරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment