දේශීය

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

(UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28) පස්වරුවේ පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 6.00ට මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊට අමතරව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

අද හෙටම දේශපාලන පෙරළියක් ?

Mohamed Dilsad

ඛනිජ තෙල් සේවකයින් උපවාසයක

Mohamed Dilsad

“රටට අවශ්‍ය වන්නේ මර්දනය නොව සංවර්ධනයයි”

Mohamed Dilsad

Leave a Comment