දේශීය

ජනපති ප්‍රධානත්වයෙන් අද ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

(UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද (28) පස්වරුවේ පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 6.00ට මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතය.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වයන් සහ නව වසරේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඊට අමතරව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

අධිවේගී මාර්ග රටට අවශ්‍යයි -ඇමති සුනිල් හඳුන්නෙත්ති

Editor O

තෙල් මිල පහළ ට

Mohamed Dilsad

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment