දේශීය

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍රවලට සහනයක්

(UTV| කොළඹ) –  කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ අනුව, ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට අදාළ මුදල හෝ වෙනත් දිනයක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි.

එම සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන්නේ, සිය දෙපාර්තමේන්තුව විසින් කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු කරන ලද දුම්රිය ගමන්වාර සඳහා පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර වටිනාකමට අදාළ මුදල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

 

 

Related posts

හිටපු ඇමති කෙහෙළියගේ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Editor O

දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි.

Editor O

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment