දේශීය

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍රවලට සහනයක්

(UTV| කොළඹ) –  කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර සඳහා සහන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ අනුව, ප්‍රවේශ පත්‍රයේ වටිනාකමට අදාළ මුදල හෝ වෙනත් දිනයක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි.

එම සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන්නේ, සිය දෙපාර්තමේන්තුව විසින් කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු කරන ලද දුම්රිය ගමන්වාර සඳහා පමණක් බව ද ඔහු සඳහන් කළේ ය.

ඒ අනුව ප්‍රවේශ පත්‍ර වටිනාකමට අදාළ මුදල් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

 

 

Related posts

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් වැඩි දෙනෙකු නාවික සෙබළුන්

Mohamed Dilsad

පවුල් ආරවුලෙන් ජීවිත දෙකක් අහිමිවෙයි

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment