දේශීය

නිව් ඩයමන්ඩ් නෞකාව අවටින් ගත් ජල සාම්පල රජයේ රස පරීක්ෂක වෙත

(UTV |කොළඹ ) -MT නිව් ඩයමන්ඩ් නෞකාව ඇති ස්ථානය අවට මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් ජල සාම්පල අද පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරේ.

නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට නාවික සැතපුම් 50ක දුරක රඳවා තිබේ.

නෞකාවේ සිට සැතපුම් දෙකක් පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී ඇත.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

දින දෙකක් ඇතුළත එම සාම්පලවල වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරයි.

Related posts

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

මෙරට පාතාල කල්ලි සාමාජිකයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

රටවල් 03 ක සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment