දේශීය

තවත් ස්ථාන කීපයක් හුදෙකලා කරයි

(UTV| කළුතර ) –  පානදුර නගර සීමා බල ප්‍රදේශයේ  මාර්ග හයක පිහිටා තිබෙන ස්ථිර  වෙළඳසැල්  සහ තාවකාලිකව වෙළඳ කුටි වහාම ක්‍රියාත්මක වන පරිදි  තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා පැවසීය.

ඒ අනුව ආතර් වී දියෙස් මාවත, ජනප්‍රිය මාවත, මාකට් පාර, ධර්ම ශාලාව පාර, විජේසූරිය මාවත හා ජයතිලක  මාවත  යන ප්‍රදේශ වල පිහිටි සියලුම වෙළඳසැල සහ වෙළෙඳ කුටි මෙලෙස වසා තැබෙනු ඇත.

මේ වන විට පානදුර නගරය ආසන්නයෙන්  කොරෝනා ආසාදිතයන්  තිදෙනකු වාර්තා වීම හේතුවෙන් සහ  ඊයේ දින PCR පරීක්ෂණවලට භාජන කළ එම වෙළෙඳ සැල්වල ව්‍යාපාරිකයන් නගරයේ  ඒ මේ අත සැරිසැරීම සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව පොදු මහජනයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙම පියවර ගත් බව නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

දකුණු පිලිපීනයේ රික්ටර් මාපක 6.7ක භූ කම්පනයක්

Editor O

ශ්‍රී ලංකාව ගැන යෝජනාව අද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment