දේශීය

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් අද රාත්‍රී 10 තෙක් විවෘතයි

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14 ක කාලයක් ලබා දී ඇත.

අද පෙරවරු  8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද පෙරවරුව වන විට නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 64 ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමිට කොවිඩ් ආසාදනය වෙයි

Mohamed Dilsad

වෛද්‍ය හිඟයක් තිබුණ ද, පුහුණුව අවසන් කළ වෛද්‍යවරු 1400ක ට තවම පත්වීම් නැහැ.

Editor O

එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ 466,350 කට කොවිෂීල්ඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment