දේශීය

ගම්පහ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් අද රාත්‍රී 10 තෙක් විවෘතයි

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ අද (26) දිනයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැය 14 ක කාලයක් ලබා දී ඇත.

අද පෙරවරු  8.00 සිට රාත්‍රී 10.00 වන තෙක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද පෙරවරුව වන විට නිරෝධායන ඇඳිරි නීතිය පොලිස් බල ප්‍රදේශ 64 ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

මන්ත්‍රී ලියුම් ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment