දේශීය

ගතවූ සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට ගිය අයට විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – පසුගිය සතිය තුළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට යම් අයෙකු පැමිණියේනම් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී PCR  පරීක්ෂණයකට යොමුවන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කොවිඞ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් අතුරින් 800 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙතද තවත් 1800 ක් පමණ ස්වයං නිරෝධායනයටද යොමුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හැටන් කොළඹ මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ රිය අනතුරක්.

Editor O

අණ නොතකා ගෙන්වූ කෝටි 1000 ක සුඛෝපබෝගී වාහන 300 ක් රාජසන්කයි

Mohamed Dilsad

කෝප්, පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් පත් කිරීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment