දේශීය

ඇඳිරි නීතිය ප්‍රදේශවල විභාග සිසුන්ට හා කාර්ය මණ්ඩලයට බාධාවක් නැහැ

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විභාගවලට පෙනී සිටින සිසුන්, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල සඳහා ගමනාගමන කටයුතුවලට අවස්ථාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල විභාග රාජකාරියේ යෙදෙන නිළධාරීන්ට ජාතික හැදුනුම්පත සමග විභාග රාජකාරී පත්වීමේ ලිපිය ඉදිරිපත් කර අදාළ රාජකාරී සදහා වාර්තා කිරීමට පොලීසිය විසින් අනුමැතිය ලබාදී ඇත.

නොඑසේනම් අදාළ නිළධාරින්ට රාජකාරී සදහා වාර්තා කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් එවන ලද කෙටි පණිවිඩයද ඒ සදහා ඉදිරිපත් කළ හැක.

උසස් පෙළ විභාගය සදහා මුහුණ දෙන අපේක්ෂකයන් හා විභාග රාජකාරි සදහා වාර්තා කරන නිළධාරීන් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

Related posts

සුළුතර ජනාධිපති පොරොන්දු කිසිවක් ඉටු කර නැහැ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්

Editor O

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු පිරිසකට හෙට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment