විදෙස්

ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8 ක දැඩි සංචරණ සීමා

(UTV |කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් යුරෝපා කලාපයෙන් වාර්තාවන ආසාදිතයින් ඉහළ යාමත් සමඟ ප්‍රංශය, බ්‍රිතාන්‍ය ඇතුළු කලාපීය රටවල් 8 ක් සඳහා දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

ලොව පුරා වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් තුන් කෝටි 90 ලක්ෂය ඉක්මවා ගිය අතර , මෙමගින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමෙරිකාවටයි.

ගෙවුණු දිනය තුළදී පමණක් යුරෝපා කලාපයෙන් නව කොවිඩ් 19 ආසාදිතයින් 140,000 කට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.

කොවිඩ් ආසාදිතයින් ඉහළ යාම සහ වෛරසයේ දෙවන රැල්ල ව්‍යාප්තිය පාලනය සඳහා ඉතාලිය, රුසියාව, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ චෙක් ජනරජයද තාවකාලිකව සිය නගර වසා දැමීමට පියවර ගෙන ඇත.

වෛරසයෙන් ලොව දෙවැනියට වැඩිම බලපෑම් පවතින්නේ අසල්වැසි ඉන්දියාවටයි.

Related posts

Whatsapp, Facebook වෙළඳ දැන්වීම් නතර කරයි

Mohamed Dilsad

කොරියාව රදවා සිටි මලයාසියානුවන් යළි සිය රටට

Mohamed Dilsad

යුක්රේනය සීනොවැක් එන්නත භාවිතය අරඹයි

Mohamed Dilsad

Leave a Comment