කලාදේශීය

අනුලා බුලත්සිංහල ජීවන රඟමඬලට සමුදෙයි

(UTV | කොළඹ) – ප්‍රවීන වේදිකා නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක වන අනුලා බුලත්සිංහල මහත්මිය අද (16) අභාවප්‍රාප්ත වූවාය.

මිය යන විට 73 හැවිරිදි වියේ පසුවන ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්විය.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද ඇගේ රංගන කුසලතාව වඩාත් කැපී පෙණුනි.

මෑතකදී අසන්ධිමිත්තා සිනමාපටයට ද ඈ රංගනයෙන් දායක වූවාය.

දී කිරි දී කිරි, නෙයිනගේ සූදුව, රඟහල දැන් ඇත අඬ ඇඳුරේ, පන්සල පාමුල, බුදුන් වඳින මේ දෑතින්, සුදු ඔසරිය ඇඳලා වැනි ගීත ඇගේ අනන්‍යතාව සලකුණු කරයි.

මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍යකීර්ති සම්මානය ද ඇයට හිමිවිය.

බොරැල්ල ජයරත්න මල් ශාලාවේ, ප්‍රභූන් සඳහා වෙන්කෙරුණු ශාලාවේදී හෙට(17) උදෑසන සිට දේහය තැන්පත් කරනු ලැබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට කොළඹ කනත්තේදී සිදුකිරීමට නියමිතය.

Related posts

වෑන් රථයක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

ජයන්ත කැටගොඩ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ආර්ථික අර්බුදයෙන් ඒමට නම් ශ්‍රී ලංකාවට දුන් ණය අවලංගු කළ යුතුයි – ආර්ථික විද්වතුන්

Mohamed Dilsad

Leave a Comment