ගොසිප්

මංගල උත්සවයකින් කොරෝනා පැතිරෙයි

(UTV |හම්බන්තොට) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාජිකයින් සහභාගී වූ මංගල්‍ය උත්සවයකදී එහි සිටි අයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වෙයි.

හම්බන්තොට රෝහලට ඇතුළත් කරන ලද තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි සංචාරක මගපෙන්වන්නෙකු හට නව කොරෝනා වෛරසය ආසාධිත බවට ඊයේ හඳුනා ගැනුණි.

ඔහු නිරෝධායනයට ලක් කර සිටියදී වෙනත් රෝග ලක්ෂණ කියමින් රෝහල් ගත වී ඇති අතර පසුව සිදුකරන පරීක්ෂණවල දී ඔහු කොරෝනා ආසාදිතයෙක් යයි හෙලි වී වී තිබේ.

මෙම පුද්ගලයා යාල ජාතික වනෝද්‍යානය අසල හෝටලයක සංචාරක මගපෙන්වන්නකු ලෙස සේවය කරන්නෙක් වන අතර ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ ඔහු සහභාගිවූ විවාහ මංගල උත්සවයකදී බවට බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

මෙම සංචාරක මගපෙන්වන්නා සහභාගිවූ එම විවාහ මංගල උත්සවයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ පිරිසක් පැමිණ ඇති බවට බුද්ධි අංශ විසින් සොයා ගෙන ඇති අතර ඒ හරහා මෙම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී ඇති බවයි හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කුලියාපිටියටත් කොරෝනා අවදානම

Mohamed Dilsad

ගෝටාට කෙලවුනේ ගත්තේ නාමල් කියපු දේවල් කරලා..

Mohamed Dilsad

ඉදිරි සතිය අවධානම්.සංචරණය සීමා කරන්න

Mohamed Dilsad

Leave a Comment