දේශීය

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගෙන් නිවේදනයක්

(UTV |කොළඹ) – කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට කොවිඩ් රෝගීන් තවදුරටත් වාර්තා වන අතර එහි යම් අවදානම් තත්ත්වයක පවතින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ කොවිඩ් -19 රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම ඊට හේතුව
බවයි.

මේ වනවිට කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ආසාදිතයින් 135 දෙනෙක් පමණ වාර්තා වී තිබේ.

එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මේ අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් -19 තත්ත්වය පිළිබඳව තොරතුරු මාධ්‍යට ලබාදීමෙන් වළකින ලෙසට සියලුම නිලධාරීන්ට දන්වමින් නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කිසිවිටෙකත් වෘත්තීය සංගම්වල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වාරණය කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හැකියාවක් නොමැති බවය.

Related posts

රජයේ ඉඩම් ආයෝජකයන්ට පැවරීමේ සූදානමක්

Editor O

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය සිදු කරයි

Mohamed Dilsad

නිසාම් කාරියප්පර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි.

Editor O

Leave a Comment