දේශීය

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශය සිදු කරයි

(UTV | කොළඹ) – නවවැනි විධායක ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු ආර්ථික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සිය අදහස් ඉදිරිපත් කිරීම සදහා ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සිටියි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ අනෙකුත් ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන දෙවැනි අදියරේ කටයුතු සිදු වන බවත් පළමු පියවර සාර්ථක වූ බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ ය.

සිංගප්පූරුව සමඟ ඇතිකරගත් නිදහස් වෙළෙඳ ගනුදෙනුව මීට පෙර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවත්, එය සාර්ථක වුවහොත් රටට සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related posts

ජනපති සහ WHO ප්‍රධානී අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

හැඳුනුම්පත් අංකයට අනුව බැහැරව නොයන අය අල්ලන්න සිවිල් නිළධාරීන්

Mohamed Dilsad

Leave a Comment