දේශීය

ඉතිරි කසල කන්ටේනර් 242 ත් එංගලන්තයට යැවීමට නියෝග

(UTV| කොළඹ) –  එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ කැළි කසල කන්ටේනර් 263 න් ඉතිරි කන්ටේනර් 242 ද ආපසු එරටට යොමු කරන්නැයි අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර ඇත.

එම කන්ටේනර් 242 මෙරටට ගෙන්වූ සමාගම් වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය නීතිපති දප්පුල ද ලිවේරා මහතාට නියෝග කර ඇත්තේ.

කන්ටේනර් 21 ක් මීට සති 02 කට පමණ ඉහත දී නැවත මහා බ්‍රිතාන්‍යයට පිටත් කර යවනු ලැබීය.

Related posts

මාර්ග අංක 120 බස් වර්ජනයක

Mohamed Dilsad

ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම්වරුන්ට ඩොලර් හරස්වෙයි

Mohamed Dilsad

ගෑස් මිල සංශෝධනය අද

Mohamed Dilsad

Leave a Comment