දේශීය

එකම බෝඩිමේ සිටි පිරිසකටම කොරෝනා වැළඳෙයි

(UTV |කොළඹ) – ඊයේ දිනයේ සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එසේම ඊයේ දිනයේ දී වාර්තා වු අයගෙන් 80 දෙනෙකුම නිරෝධයන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පවතින අය වේ. තවත් 114 දෙනෙක් නිරෝධායනය නොවන නමුත් වෙනත් ස්ථානවලින් හෝ ස්වයං නිරෝධායනයක ලක් නොකරපු අය හැටියට වාර්තා වේ.

ඉන් බහුතරයක් වාර්තා වෙන්නේ දැනට නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යනු ලබන ප්‍රදේශවලිනි. ඒ අනුව ගම්පහ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 36 දෙනෙකුත් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් 38 දෙනෙකුත් දිවුලපිටියෙන් 34 දෙනෙක් හා විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය නැති සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකුත් වාර්තා වෙනවා ප්‍රධාන වශයෙනි.

ඊට අමතරව කොළඹින් 7දෙනෙක් කිරිඳවෙල ප්‍රදේශයෙන් 4 දෙනෙකුත් ඇතුළුව කුරුණෑගල, කිරිඳිවෙල, කොළඹ සහ ගනේමුල්ල කියන ප්‍රදේශවලින් සාමාන්‍යයෙන් 4ක් 7ක් හෝ 8ක් පරාසයක හමුව තිබේ.

තවද ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කඩුවෙල, නුගේගොඩ, රත්මලාන, මීගමුව, ජාඇළ, ඇඳිරි නීතිය නැති ස්ථානවලින් කළුතර, රත්නපුර, ගනේමුල්ල, අනුරාධපුර කියන ප්‍රදේශවලින් සහ හොරණින් එක් පුද්ගලයෙකු හෝ හමුවු ප්‍රදේශ හැටියටයි මේ අනුව වාර්තා වේ.

Related posts

ගෙවී ගිය ටයර් පිළිබඳ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉවතලන මුහුණු ආවරණ පරිසර ප්‍රශ්නයක් වීමට ඉඩකඩ

Mohamed Dilsad

Leave a Comment